Sunday, June 3, 2012

QA Engineer කෙනෙක්ගේ Career path එක.

ඉස්සෙල්ලා පොස්ට් වලින් තෙරෙන්න අතිනේ QA Engineer කෙනෙක් උනොත් කරන්න තියන වැඩ මොනවද කියලා. මෙ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ QA Engineer කෙනෙක්ගේ එක මොනවගේද කියලා කියන්න. පහළ තියන පින්තුරේ එක දක්වලා තියනවා.


ඉස්සෙල්ලාම පටන් ගන්න වෙන්නේ Trainee QA කෙනෙක් විදියට තමයි. Trainee QA කෙනෙක්ට ඉතින් ලොකු ලොකු responsibilities නම් ඉතින් දෙන්නේ නැ. නැ කිව්වට ඉතින් එක company එක මත depend වෙනවා. මුලින්ම ඉතින් ඒ company එකේ products ගැන අධ්‍යනයක් කරන්න දෙනවා. එකෙන් පුළුවන් overall idea එකක් ගන්න company products ගැන. මෙක ඉතින් සාමාන්‍යයෙන් අළුතෙන් company එකට එන ඕනැම කෙනෙක්ට ලැබෙන එකක්. ඉතින් ඉට පස්සේ QA engineer කෙනෙක් යටතේ ඉදන් වැඩ කරන්න තමයි වෙන්නේ. ගොඩාක් වෙලාවට system එකේ usability test කරන්න, පොඩි පොඩි function test කරන්න, bug report කරන්නවගේ වැඩ තමයි සෙට් වෙන්නේ. 


ඔහොම මාස හය හතක් හිටියාම වැඩ හොදයි වගේ පෙනුනොත් එතැනම සෙට් වෙන්න පුළුවන්. ඉතින් ඉට පස්සේ Associate QA engineer කෙනෙක් නැත්නම් Junior QA Engineer කෙනෙක් විදියට තමයි වැඩ කරන්න වෙන්නේ. Associate QA engineer කෙනෙක් ගෙන් පස්සේ බොහො වෙලාවට probation period එකෙන් පස්සේ වැඩ හොදයි කියලා තේරුනොත් QA Engineer කෙනෙක් විදියට ඉහලට යන්න පුළුවන්. QA Engineer කෙනෙක් වගේ තැනකට ආවාම තියන Testing methods, Testing tools(Automation testing tools), Test cases ගැන එහෙම හොද knowledge එකක් තියෙන්න ඔන. system එකේ ඔන තැනක් පුළුවන් වෙන්න ඔන. තවත් සිනීර් උනාම එ කියන්නේ Senior QA Engineer කෙනෙක් වගේ උනාම test කරන්න දෙන system එකේ කොටස් ටික දැක්කාම සාමාන්‍යයෙන් එකට ගතවන කාලය එහෙම කියන්න පුළුවන් වෙන්න ඔන.

ඉට පස්සේ තියෙන්නේ QA Team Lead වෙන්න. QA Team Lead කෙනෙක්ගේ සාමාන්‍ය රාජකාරිය වෙන්නේ project team එක manage කරන එක. Relies එකක් දාන්න හදද්දි එකේ function ටික බලලා තියන කාලයත් එක්ක කරලා ඉවර කරන්න පුළුවන්ද, තවත් QA Engineers ලා එකට ඔන වෙනවද වගේ දේවල් team එකත් එක්ක discuss කරලා QA manager ට දැනුම් දෙන්න වෙනවා. Project meetings එහෙම ගනිද්දි එක පාලනය වෙන්නෙත් QA Lead යටතේ තමයි. 

ඔහොම අවුරුදු 2ක 3ක් විතර වැඩ කරද්දි QA Lead කෙනෙක් QA Manager කෙනෙක් බවට උසස් විම් වෙන්න පුළුවන්. QA manager කෙනෙක් ට ගොඩක් දුරට project 5 6ක විතර වැඩ බලන්න වෙනවා. QA lead ලා පලනය වෙන්නේ QA manager යටතේ. Project වල progress එක ගැන නිතරම QA lead ලා QA managers ලව දැනුවත් කරනවා. එතකොට හිරවෙලා වගේ එ කියන්නේ relies date එක ට project එක test කරලා ඉවර කරන්න අමාරුයි වගේ පේනවා නම් වෙන වැඩ අඩු project එකකින් QA Engineers ලා import කරන්න බලතල තියෙන්නෙ QA manager ට තමයි. තව විශේෂයෙන් project testing වලට යන වියදම් manage කරන්නත් සිද්ද වෙනවා. ඉට අමතරව client meetings වලට සහබාගි වෙන්න, interview කරන්න වගේ වැඩත් QA Managers ලට අයිති වැඩ කොටස් තමා. මේ සදහන් කල එවා සාමාන්‍යයෙන් වෙන අකාරය. මිට පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන්. දළ අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇතියි කියලා හිතනවා.

1 comment:

  1. අයියෝ මේක නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්නකෝ, මම QA ගැන ගොඩක් interesting කෙනෙක්.

    ReplyDelete