Wednesday, February 26, 2014

එක වසරට ළමුන් ඇතුලත් කිරිමේ නව ක්‍රමයක් - දෙවැනි කොටස

මේ ක්‍රමයේ හැටියට මුලින්ම සඳහන් කල අකාරයට එක ඉන්ටෙව් එකකින් තමයි සිද්ද වෙන්නේ.එහි ඇති අකාරය අනුව ළමයෙකුට ඉල්ලුම් කරන්න පුළුවන් ආකාරයන් පහත පරිදි වේ. මෙහෙදි ළමයා C1 ලෙසත් පාසල Sch1/Sch2 ලෙසත් ගණය(category) Cat1/Cat2/Cat3 ලෙසත් සළකන්න.

  1. ළමයා එක පාසලකට පමනක් එක ගණයකින් ඉල්ලුම් කිරිම
    • [ C1 >> Sch1 >> Cat1 ].
  2. ළමයා එක පාසලකට පමනක් ගණයන් කිහිපයකින්(උදා: පදිංචිය, ආදිශිෂ්‍ය )  ඉල්ලුම් කිරිම
    • [ C1 >> Sch1 >> Cat1 and Cat2 ]
  3. ළමයා පාසල් කිහිපයකට ගණයන් කිහිපයකින් ඉල්ලුම් කිරිම( කලින් පොස්ටුවේ රුපසටහන )
    • [ C1 >> Sch1 >> Cat1 and Cat2 ]
    • [ C1 >> Sch2 >> Cat1 and Cat3 Cat4 ]  



මෙහි Re(Sch,Cat) ලෙස ලබාගත් ලකුණු පෙන්නුම් කරයි.

සාමාන්‍යයෙන් ඉල්ලුම් පතක තමන්ගේ රුචිකත්වය අනුව පාසල් 5ක් නම් කිරිමට හැක(1-රුචිකත්වය ඉහළ, 5-රුචිකත්වය පහළ). මෙහිදිද එය එලෙසින්ම පවති. සාමාන්‍ය ක්‍රමයේදි ඉහත උදාහරනයට අනුව ඉල්ලුම් පත් 5ක් ඉල්ලුම් කල යුතු උවත් නව ක්‍රමයේදි එය එක ඉල්ලුම් පතකින් ඉටුවේ.මෙහිදි තමන්ගේ තෝරන ලද පාසල් සදහා ගණයන්(category) ඉල්ලුම් කිරිම අදාල ඉල්ලුම්කරුගේ වගකිම වන අතර, ගණයන් ඉල්ලුම් නොකෙරුන අවස්ථාවන්හිදි default ගණයක් යෙදේ.(පදිංචිය අනුව ගණය (Residence category )යොදා ගැනිමට හැක ). මේහිදි අදාල ප්‍රදේශයේ පාසල් බාලක බාලිකා ලෙස වෙන වෙනම ශ්‍රේණිගත කිරිමක් සිදුකල යුතුය. මෙහිදි මිශ්‍ර පාසල් බාලක බාලිකා සඳහා වෙන වෙනම ඇතුලත් කල හැක.තවද ගණයන් සදහාද පොදු ශ්‍රේණිගත කිරිමක් තිබිය යුතුය.(උදා: 1- පදිංචිය, 2 - ආදිශිෂ්‍ය , ...වශයෙන් )

උදා : ගාල්ල දිස්ත්‍රික්කය
බාලක පාසල්
  1. Richmond College
  2. Mahindha College
  3. St Aloysius College
  4. Siridamma College( මිශ්‍ර පාසලකි)
බාලිකා පාසල්
  1. Southlend College
  2. Sangamiththa College
  3. Sacred Heart Convent College
  4. Siridamma College( මිශ්‍ර පාසලකි)
දැන් නැවතත් උදාහරනයට පිවිසෙමු. මෙහිදි C1 ළමයා සදහා Sch1 පාසලෙන් එක් එක් ගණයන් සදහා ලබාගත් ලකුණු හා Sch2 පාසලෙන් ගණයන් සදහා ලබාගත් ලකුණු වෙන වෙනම පහත අකාරයට වගුගත කරමු.



පාසල්වලට ලබාගන්නා ළමුන් ප්‍රමාණයන් හා එක් එක් ගණයන් සදහා ලබා ගන්නා ප්‍රතිශත පහත ආකාර ගනීයැයි උපකල්පනය කරමු.
Sch1 ළමුන් 300
Sch2 ළමුන් 200
Sch3 ළමුන් 100

Cat1 - 50%
Cat2 - 30%
Cat3 - 20%

එවිට එක් එක් පාසල සදහා ළමුන් පහතාකාර වේ.

Sch1

  • Cat1 සදහා ළමුන් 150
  • Cat2 සදහා ළමුන් 90
  • Cat3 සදහා ළමුන් 60
Sch2

  • Cat1 සදහා ළමුන් 100
  • Cat2 සදහා ළමුන් 60
  • Cat3 සදහා ළමුන් 40
Sch3

  • Cat1 සදහා ළමුන් 50
  • Cat2 සදහා ළමුන් 30
  • Cat3 සදහා ළමුන් 20

දැන් නැවතත් උදාහරනයට අනුව C1 ලබාගත් ලකුණු ප්‍රමාණය(Re1,1) වගුවේ Sch1 / cat1 තිරුවේ මුල් 150 අතරේ තිබෙ නම් ඔහු Sch1 පාසලට තේරිපත්වි ඇත. එසේ තේරිපත් වි නොමැතිනම් වගුවේ Sch1 / cat2 තිරුවේ බැලිය යුතුය.එහි ඇල්ගොරිතමය පහත අකාරයට සරලව දැක්විය හැක. මෙහි දක්වා ඇත්තේ පාසල් දෙකක් සදහා පමණි.

if(check C1 in first 150 in Sch1/ Cat 1 coloum){
C1 have school >> Sch1
}else{
if(check C1 in first 90 in Sch1/ Cat 2 coloum){
C1 have school >> Sch1 AND C1 remove from the other lish

    }else{
if(check C1 in first 90 in Sch1/ Cat 2 coloum){
C1 have school >> Sch1 AND C1 remove from the other lish
                }else{
if(check C1 in first 100 in Sch2/ Cat 1 coloum){
C1 have school >> Sch2 AND C1 remove from the other lish
}else{
if(check C1 in first 60 in Sch2/ Cat 2 coloum){
C1 have school >> Sch2 AND C1 remove from the other lish
}else{
if(check C1 in first 40 in Sch2/ Cat 3 coloum){
C1 have school >> Sch2
}else{
C1 havn't school

}

}

}
}
}
}

දැන් මෙහිදි පාසලක් ඇති ළමුන් හා පාසලක් නොමැති ළමුන් වෙන් කරගැනිමට හැක. ඉහත දක්වා ඇත්තේ පරිඝණක වැඩසටහනක් ලිවිම සදහා මට හිතුනු concept එකකි. මෙය මට නිකන් හිතිච්ච දෙයක්. වැරදි අඩුපාඩු තියෙන්නත් පුළුවන්. මොකද මගේ රාමුවට අනුවනේ මම හිතලා තියෙන්නේ. ක්‍රමය( Process එක ) ගැන වෙනයම් අදහස් තියනවානම් comment එකක් දාන්න.. :D

No comments:

Post a Comment