Thursday, June 28, 2012

එක වසරට ළමුන් ඇතුලත් කිරිමේ නව ක්‍රමයක්

මේ දවස් වල ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි එක වසරට ළමයි ඇතුලත් කරන එක. මාර කට්ටක් තමයි තියෙන්නේ.(මමත් දන්නේ අපේ නංගිව ඉස්කොලෙකට දාන්න සහභාගි උන හින්දා  ). මේ දවස් වල ඉතින් අම්මලා තාත්තලාට ඉතින් නින්දක් නැ. මොකද කොහොමහරි පොඩි එකාව හොද ඉස්කොලෙකට දාගන්න එපැයි ඉතින්. ඉතින් ඉස්කොලේ ලගින් ගෙවල් හොයන්න(මෙකනම් ඉතින් ලමයා හම්බවුන ගමන් කොරන්න එපැයි ), ග්‍රාමසේවක මහත්වරු පස්සේ යන්න වැඩගොඩායි. එවා කොරා විතරක්යැ, ඉන්ටවිව් දවස් වලට ඉස්කොලවල් ගානේ යන්නත් එපායැ ඉතින්. දවස් කියක් ඉතින් නිකරුනේ නාස්ති වෙනවද මෙහෙම නිකන්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නයට විසදුමක් තමයි මෙ යොජනා කරන්නේ. කොහොමද කියලා බලන්නකො ඉතින්. ඇත්තම කිව්වොත් 100% මටම හිතුනු දෙයක් නම් නෙවෙයි. දවසක් ලෙක්චර් එකක ඉන්නකොට අපේ ලෙක්චර කෙනෙක් දිපු අදහසක් තමයි පස්සේ මම හොයලා බලලා මේ විදියට ගෙනැල්ලා තියෙන්නේ.


ඔය දක්වලා තියෙන්නේ දැන් තියන විදිය. ඉල්ලුම් කරද්දි පුරවන්න ඔන මොන ගණයෙන්ද(Category) ඉල්ලුම් කරන්නේ කියලා.පහල දක්වලා තියෙන්නේ එහෙම වෙන්කල ගණයන් කිහිපයක්.
  1. පදිංචිය
  2. ආදි ශිෂ්‍ය භාවය
  3. සහෝදර සහෝදරියන් ඉගනුම ලැබිම.....
 ඔය උඩින් පෙන්නලා තියන පින්තුරේ තියෙන්නේ එක ලමයෙක් පාසල් දෙකකට ඇප්ලිකේශන් දාපු අවස්ථාවක්. A කියන පාසලට පදිංචියයි ආදි ශිෂ්‍ය භාවයයි අනුව ඉල්ලුම් කරලා තියනවා. B කියන පාසලට ඒ දෙකට අමතරව සහෝදර සහෝදරියන් ගණයෙනුත් ඉල්ලුම් කරලා තියනවා.ඉතින් මෙතනදි එම අදාල ලමයා වෙනුවෙන් ඇප්ලිකේශන් 5ක් දාන්න ඔන. එක එකට වෙන වෙනම. ඉන්ටෙව් යන්න ගියොත් අවම වශයෙන් දෙකක් තියනවා. ඉතින් දවස් දෙකක් අම්මටයි තාත්තටයි නිවාඩු දාන්න වෙනවා.ඒ වගේද රස්තියාදුව, වියදම. ළමයටත් ඉතින් බුදුසරණයි. ඇයි ගමන් මහන්සියනේ පොඩි එකාට. ඔය තියෙන්නේ දැන් තියන විදියේ තියන අවාසි දෙක තුනක්.

ඉන්ටවිව් දෙක තුනක් තියන එක වෙනුවට එක ඉන්ටවිව් එකක් තිබුනොත් කොහොමද? අර කිව්ව අවාසි ටික මගහරව ගන්න පුලුවන්. මම යෝජනා කරන ක්‍රමයේ තියෙන්නේ එක ඉන්ටවිව් එකයි. ඒක මොකක් හරි පොදු විදියකට ඒ කියන්නේ ඉස්කොලෙන් ඉස්කොලේට ඉන්ටවිව් නැතුව දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක විතරක් ඉන්ටවිව් තියලා තනි ඉන්ටවිව් එකකින් ළමයෙකුට පාසලක් ලබාදිමේ ක්‍රමයක්.මෙතනදි අදාල දිස්ත්‍රික්කය නියොජනය වෙන විදියට සම්මුක පරික්ශනය සිදුකරන කණ්ඩායම තොරා ගන්න පුලුවන්. මෙතනදි සහාභාගි වෙන්නේ තනි පාසලක ගුරුවරු නොවන නිසා සිදුවෙන්න පුලුවන් වැරදි( ඉන්ටවිව් කරන පුද්ගලයන්ගෙ දැනහැදුනුම් කම් මත සිදුවන අකර්මන්‍යතා )අවම කරන්න පුලුවන්. වර්ථමානයේ සිදු කෙරෙන ක්‍රියාවලියේ මෙවැනි වැරදි සිදුවිමේ සම්භාවිතාව වැඩියි. තව තියන වාසියක් තමයි රජයට ඒ සදහා වැයවන මුදල් අඩුකරගන්නත් පුලුවන් විම. මොකද සාපේක්ෂව ගත්තාම මේ කියන ක්‍රමයේදි අවශ්‍ය කරන ගුරුසම්පත් ප්‍රමාණය අඩුයි. මිට අමතරව අර ඉස්සෙල්ලා කිව්ව අවාසිත් අයින් කර ගන්න පුලුවන්. ඔන්න ඕක තමයි මගේ හිතට ආපු විසදුම. මේක හරියටම වෙන්නේ කොහොමද කියලා තව පොස්ට් එකකින් ලියන්නම්. අදට ඉවරයි.


1 comment: