Saturday, May 26, 2012

QA Engineer කෙනෙක්ගේ Work flow එක.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ QA Engineer කෙනෙක්ගෙ Career path එක ගැන. ඒක ගැන කතා කරන්න ඉස්සෙල්ලා එයාගේ Work floor එක ගැන ලිව්වොත් හොදයි කියලා හිතුනා.

මුලින්ම කරන්නේ System එක අරගෙන එකේ Test plan එක හදා ගන්න එක. එක එක Requirement test කරන දවස් දළ වශයෙන් සටහන් කරගන්න එක තමයි සරළව කිව්වොත් ඔතනදි කරන්නේ. මෙක හදන්න QA engineers ලට අමතරව Team එකේ PM, Tech lead, Developers ලා කට්ටියම සහභාගි වෙනවා. මෙතනදි හදලා නැති කොටස් තියනවානම් එවාට අවසාන දිනයක්(Deadline) ලබාදිමත් සිදුකරනවා. මෙහෙම Test plan එක හදාගෙන ඉවර වෙලා ඉළගට කරන්නේ Test Cases හදන එක. Test Cases එකක් කියන්නේ එක Requirement එකක් test කරන අකාරය සටහන් කල ලියවිල්ලක් (Document එකක්). මෙතනදි අදාළ Function එක නිවරදි දත්ත දුන් විට වැඩකරනවාද වැරදි දත්ත දුන් විට වැඩනොකරනවාද කියා ද Test කලයුතු වෙනවා. පහළ තියන පින්තුරේ Testing Process එක සරළව දක්වලා තියනවා.











කවුරුත් දන්නවනේ QA කෙනෙක්ගේ ජොබ් එක Software එක Test කරන එක කියලා. ඉතින් ඉස්සෙල්ලාම Software එකේ කොටසක් එ කිව්වේ එක Function එකක්( එකක් කිව්වට එක වගෙ Function සමුහයක් වෙන්නත් පුළුවන්) අරගෙන Test කරනවා. ඉතින් එකේ මොනවා හරි අව්ලක් ඒ කියන්නේ Bug එකක් ආවම ඒ කොටස කරපු Developer ට දැනුම් දෙනවා(Defect open). මේක එක්කො Chat එකේ ගහාලා යවන්නත් පුලුවන් නැත්නම් Bug Report කරන්න තියන Tool එකක් use කරන්න පුළුවන්(Bugzilla, Mantis). ඉතින් එහෙම Bug එකක් තිබුනොත් Developer ඒකේ වැරැද්ද හොයලා ඒක හදලා ඒ කොටස Version control system එකට upload කරනවා.කරලා ඉවර වෙලා QA Tester ට එක fix කලා කියලා report කරනවා. 
Version control system එකක් කියන්නෙ Document වල change වීම් පාලනය කරන්න පුළුවන් එකක්.සරළව කිව්වොත් දැන් software එකක් හදද්දි බොහෝ වෙලාවට 3න 4ක් විතර developers ලා වැඩ කරනවනේ. වැඩ කරන්නේ තම තමන්ගේ Machine වල. Servers වල වැඩකරනවා අඩුයි.මොකද risk එක වැඩියි. ඉතින් කට්ටිය හදන හදන කොටස මේ version control system එකට add කරනවා. එතකොට මෙකෙන් සිද්දවෙච්ච වෙනස්කම් ටික විතරක් upload කරගන්නවා.VCS එකක් use කරද්දි තියන ප්‍රධාන වාසි 2ක් ඔන්න පහලින් දැම්මා.
  1. සිද්දවෙච්ච වෙනස්කම් ටික විතරක් upload වෙන හින්දා ටක් ගාලා upload කරන්න පුළුවන් වැරදිමක් සිදු නොවිම
  2. හදිස්සියෙ කාගෙන් හරි system එකට මොනවා හරි අව්ලක් උනොත් අපිට පුලුවන් අන්තිමට වැඩ කල එක ආයේ දා ගන්න.
තවතව වාසිත් තියනවා මෙහෙම එකක් use කරද්දි. ඉට පස්සේ fix කල එක ආයේ recheck කරලා වැරැද්ද හදලානම් ඒ open කල bug එක close කරනවා. ඒ කියන්නේ අර report කල tool එකෙන් bug එක අයින් කරනවා.ඔන්න ඕක තමා QA කෙනෙක්ගේ work floor එක.

No comments:

Post a Comment