Saturday, May 19, 2012

Software Engineer කෙනෙක්ගේ Career path එක.

අද ලියන්න හදන්නේ Software Engineer කෙනෙක්ගේ සමාන්‍ය Career path එක ගැන. ඇත්තටම මෙහෙමයි කියලා හරියටම කියන්න අමරුයි(මොකද ඒක පුද්ගලයා මත රදා පවතිනවනේ. එකයි ). එත් දළ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.


උඩින් පෙන්නලා තියන රුපේ තියනවා සාමාන්‍යයෙන් Software engineer කෙනෙක් ගේ career path එක. කොහොම උනත් මුලින්ම ඉතින් යන්න වෙන්නේ Trainee කෙනෙක් විදියට තමයි. ලංකාවේ බොහොමයක් රජයේ විශ්වවිද්‍යාල වලින් නම් සමාන්‍යයෙන් තුන්වෙනි වසරේ දෙවැනි සෙමෙස්ටරය පටන් ගනිද්දි ශිෂ්‍යයන් ප්‍රයොගික පුහුණුව සදහා රජයේ හෝ පුද්ගලික ආයතන කරා යොමු කරනවා.
පුද්ගලික විශ්වවිද්‍යාලවල නම් දන්න විදියට ශිෂ්‍යයන්ට සිදුවෙනවා තමන්ට පුද්ගලිකවම සොයා බලා ආයතනවලට ඉල්ලුම් කිරිමට. එහිදි එම ආයතනය මගින් පවත්වන සම්මුඛ පරික්ෂණය/යන් අවසානයේ තොරාපත්කරගන්නා ශිෂ්‍යන්ට එම ආයතනයේ Trainee Software Engineer කෙනෙක් විදියට සේවය කිරිමට අවස්ථාව සැලසෙනවා.(මෙහිදි මුහුණදිමට සිදුවන සම්මුඛ පරික්ෂණ ආකාරයන් ගැන පසුව post එකක ලිවිමට බලපොරොත්තු වේ.) සාමාන්‍යයෙන් මාස 6ත් 8ත් අතර කාලයක් මෙහෙම TSE(Trainee Software Engineer) කෙනෙක් විදියට වැඩකරන්න පුලුවන්. බොහොමයක් ආයතන එම පුහුණු කාලය සාර්ථකව අවසන් කරන ශිෂ්‍යයන් එම ස්ථානයේම සේවයට බදවා ගැනිම සිදු කරයි.

Trainee period එකෙන් පස්සේ සේවයට බදව ගන්නේ බොහොදුරට JSE(Junior Software Engineer)  විදියට. සමහර ආයතනනම් කෙලින්ම SE(Software Engineer) කෙනෙක් විදියටම පත්විම ලබාදෙනවා. සාමාන්‍යයෙන් රැපියල් 35000 කට වඩා වැඩියෙන් ආරම්භක පඩියක් මොවුන්ට හිමිවෙනවා. ඉට අමතරව ETF, EPF, එක එක Allowances  එහෙමත් හිමිවෙනවා. සාමාන්‍යයෙන් අවුද්දක වගේ Agreement එකක් අත්සන් කිරිමටත් එහි ඇති නිති පිළිපැදිමටත් මෙහිදි සිදුවෙනවා. අවුරුදු 1 1/2 විතර වැඩකරායින් පස්සේ බොහොදුරට Senior SE කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඉතින් company ය මත depend වෙනවා.

අවුරුදු 3න 4ක් විතර field එකේ ඉන්නකොට SE කෙනෙක්ට පුලුවන් තමන් කැමති විදියකට තමන්ගේ Career එක හදාගන්න. ඔයගොල්ලොන්ට පේනවා ඇති රුපසටනේ ඒක පැහැදිලිව දක්වලා තියනවා. හිතුනොත් Developer කෙනෙක් වෙලා හිටියා ඇති, Management පැත්තට බරවෙන්න ඔන කියලා එහෙම අයට පුලුවන් එක්කො BA කෙනෙක් වෙන්න නැත්නම් PM කෙනෙක් වෙන්න.එවට ඉතින් අත්දැකිම් වලට අමතරව තව තව සුදුසුකම් සපුරන්නත් ඔන. බොහොදුරට කඩ්ඩ(English) නම් හොදටම අවශ්‍යවෙනව BA, PM වෙන්න හිතන් ඉන්න අයට.  මොකද බොහොදුරට Document වැඩ එහෙම කරන්න සිද්දවෙනවා. එ වගෙම client ලත් එක්ක communication කරන්න වෙන්නේත් මෙ අයටම තමා ඉතින්. ඉතින් කතාකරන්න වගෙම ලියන්නත් හොදට පුලුවන් උනොත් ලෙසියි.

Developing පැත්තෙන්ම ඉදිරියට යන්න හිතන් ඉන්න කෙනෙක්ට ඉළග Step එක තමයි Team Lead කෙනෙක් වෙන එක.TL කෙනෙක් කියන්නේ බොහොදුරට ඒ Project/Module එකේ Team එකේ ලොක්ක වගේ. පොඩි පොඩි Team වලට ලොක්කා තමයි TL කියන්නේ.ඉතින් එහෙම කෙනෙක් වෙන්න Developing පැත්ත ලොවෙත් තියෙන්න ඔන. ඉට පස්සේ System Architect / Technical Architect (SA) තමයි වෙන්න තියෙන්නේ. බොහො වෙලවට අවුරුදු 5 - 8 Service එකක් වත් ඔන SA කෙනෙක් වෙන්න. ඉට පස්සේ Chief Architect ඉළගට CTO (Chief Technology Officer)විදියටත් තමන්ගේ Career එක ඉහළ දමා ගන්න පුළුවන්. පොස්ට් එක ලොකුද මන්දා. අදට ඔච්චරයි.






No comments:

Post a Comment