Monday, May 7, 2012

SDLC - Software Development Life Cycle

SDLC එහෙමත් නැත්නම් Software Development Life Cycle කියන්නේ Software එකක ජිවන චක්‍රය කියන එකයි. තවත් සරළ කලොත් Software එකක් හැදෙන්නේ කොහොමද කියන එකයි. පහත දැක්වෙන පින්තුරේ එක සරළ ලෙස සටහන් කරලා තියනවා. මෙහෙම SLDC එක ගැන කියන්න ගත්තේ එකේන් අපිට සරළව හා පැහැදිලිව Software Company එකක ඇතුලේ තීයන ජොබ් Position ගැන දැන ගන්න පුළුවන් හින්දා.




software එකක් හදද්දි ප්‍රධාන අවධි 5ක් ඔයලාට පේනවා ඇති.
  1. Requirement Analysis
  2. Design & Development
  3. Quality Assurance & Testing
  4. Implementation & Development
  5. Maintenance & Support

මුලින්ම කරන්නේ  Analysis. ඒ කියන්නේ සේවාදායකයාගේ(Client) අවශ්‍යතා සොයා බලන කියන එකටයි.මොකද්ද තියන ප්‍රශ්නය හෝ අවශ්‍යතාව. මොකද්ද දෙන්න පුලුවන් විසදුම (IT පැත්තෙන්). කවුද Software එක පවිච්චි කරන්නේ, මොනවද තියන පහසුකම්, මුල්‍යමය වශයෙන් කියක් විතර වියදම් කරන්න සුදානම් ද? ඔන්න ඔය වගේ දෙවල් තමයි මේ පියවරේදි කරන්නේ. ඉතින් ඔය කටයුත්ත කරන්න සාමාන්‍යයෙන් ලොකු IT Company වල System Analysis, Business Analysis කියලා අය ඉන්නවා. ගොඩාක් වෙලාවට මේ අය කාලයක් තිස්සේ IT Field එකේ හිටපු අය. බොහොඅය Software Engineers ලාම තමයි. ඉතින් ඒ අය විසදුමක් සොයගෙන එක සේවාදායකයාත් එක්ක කතා කරලා අවසානයේ agreement එකක් අත්සන් කරනවා. මෙහෙම සරළව කිව්වට සංකීර්ණ ක්‍රියාවලියක් තියනවා. සාමාන්‍යයෙන් මාස 2ක 3ක් යන අවස්ථාත් තියනවා.එක ඉතින් Project එක මත Depend වෙනවා.

ඉතින් මෙහෙම Requirement එකතු කරලා එවා විශ්ලේශනය කරලා ඉට පස්සේ එක Design කරන වැඩේ තමයි තියෙන්නේ. මෙක BA(Business Analysis) ලා, Software Architect ලා, Software Engineers ලා  එකතු වෙලා තමයි කරන්නේ. සමහරවෙලවට මෙක කොලවල නැත්නම් White board එකක් ඇදෙන Chart එකක් වෙන්න පුලුවන්. ඉතින් ඉට පස්සෙ design කරගත්ත විදියට project එක code කරන්න පටන්ගන්නවා.මෙකෙදි බොහො දුරට Software Engineersල තමයි සහබගි වෙන්නේ. ඉට අමතරව Project Managersලා, Tech lead ලා වගේ අයත් මෙතැනදි සහභාගි වෙනවා.

Design & Development process එක ඉවර උනායින් පස්සේ තමයි QA පටන් ගන්නේ.ඒ කියන්නෙ තත්ව පරික්ශව බලනව කියන එකයි. QA engineers ලා තමයි මෙවා කරන්නේ. ඉතින් QA කරලා වැරදි අඩුපාඩු තියනවා නම් ඒවා අයෙත් Developers ලාට දැනුම් දෙනවා. ඉතින් නිකුත්කරන්න පුලුවන් තත්වෙට අවායින් පස්සෙ තමයි Project එක Implementation වලට යැවෙන්නේ.

Implementation Stage එකේදි කරන්නේ එක සේවාදායකයාගේ ස්ථානයට ගිහින් System එක ස්ථාපනය කරනඑක. සරළව කිව්වොත් Client ලගේ Computers වලට System එක Install කරන එක. හැබැයි කිව්ව තරම් ලේසි වැඩක් නෙවේ. මෙක කරන්න තමයි Support Engineers ලා ඉන්නේ. මෙතනදි Server Implement කරන්න, අවශ්‍ය කරන Softwares/OS(Operating Systems-Windows/Linux/..) Computers වලට Install කරන්න වගේ වැඩ ගොඩාරියක් තියනව. ඉතින් දෙය්යනේ කියලා වැඩේ ගොඩ දාගත්තා කියමුකො. ඉතින් එක පවිච්චි කරන් යනකොට  එන Errors, Bugs වගේ එවා සකස් කරන එක තමයි Maintenance Stage එකේ තියෙන්නේ.

ඔන්න ඔක තමයි SLDC එකේ විස්තරේ. ආහ් තවදෙයක් කියන්න ඔන. ඔය කිව්ව Stage ටික එකක් ඉවර උනට පස්සෙ එකක් වෙන්නේ නැ. බොහොවෙලවට එක එක Requirement(එකක් කිව්වට එකක් නෙවේයි 2ක 3ක් වෙන්නත් පුලුවන්.බොහොවිට එක වගෙ එවා) අර ගෙන Design කරලා Develop කරලා QA කරල ඉට පස්සෙ ඉලග එක  කරන එක තමයි සමන්‍ය විදිය. එහෙම නැතුව මුළු Requirement ටික එක සැරේ Design කරලා Develop කරන්නේ නැ.මෙකේ සදහන් වු Job Position ටික පස්සේ හෙමිට එකින් එක ටිකක් විතර ගැඹුරට විස්තර කරලා පොස්ට් එකක් දාන්නම්. අදට ඔච්චරයි .






No comments:

Post a Comment